by Staff writer 30-01-2020 | 10:16 PM
COLOMBO (News 1st) : වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුප ලබාදීමට අදාළ සමාගම් අපොහොසත් වුවහොත් එම වතු රජයට පවරා ගැනීමට පියවර ගනු ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට අපොහොසත් වන සමාගම් පවරාගෙන, කම්කරුවන්ට එම සහනය සැලසීමට රජය කටයුතු කරනු ඇති බව, අමාත්‍යවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.