රුපියල් බිලියන 130ක පරිපූරක ඇස්තමේන්තුවක්

පසුගිය ආණ්ඩුවේ හිඟ මුදල් පියවීමට රුපියල් බිලියන 130ක පරිපූරක ඇස්තමේන්තුවක්

by Staff writer 30-01-2020 | 1:32 PM

COLOMBO (News 1st): පසුගිය ආණ්ඩුව කරන ලද ව්‍යාපෘතිවල හිඟ මුදල් පියවීම සඳහා රුපියල් බිලියන 130 කට ආසන්න වටිනාකමකින් යුත් පරිපූරක ඇස්තමේන්තුවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

සමකැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.