නිශ්ශංක ඇතුළු විත්තිකරුවන් 8කට එරෙහිව අධිචෝදනා

නිශ්ශංක ඇතුළු විත්තිකරුවන් 8කට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

by Staff writer 30-01-2020 | 4:50 PM
COLOMBO (News 1st) : නීතිවිරෝධි අන්දමින් ස්වයංක්‍රීය ගිනිඅවි සහ ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 882 කින් යුත් සංශෝධිත චෝදනා පත්‍රයක් නීතිපතිවරයා විසින් මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද ගොනු කරනු ලැබී ය. නීතිපතිවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන්ම අධිචෝදනා 7573 කින් යුත් අධිචෝදනා පත්‍රයක් මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ කර තිබිණ. එම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සලකා බැලූ ‍විශේෂ මාහධිකරණ විනිසුරු මඩුල්ල පසුගිය 17 වනදා තීන්දුව ලබාදෙමින් අධිචෝදනා පත්‍රයේ සඳහන් අධිචෝදනා 7573 න් අධිචෝදනා 19 ක් හැර සෙසු සියලු අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට නිගමනය කරනු ලැබී ය. ඉතිරි වූ අධිචෝදනා 19 සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර සහ විත්තිකරුවන් අටදෙනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර අධිකරණයට දැනුම් දෙන ලෙස ද නීතිපතිවරයාට නියෝග කර තිබූ අතර එම නියෝගය අනුව නීතිපතිවරයා සංශෝධිත අධිචෝදනා පත්‍රය ගොනු කර තිබේ. මෙම නඩුව ලබන 10 වැනිදා ධම්මික හේමපාල , ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.