නාවින්නේ උඩුමහලක අඹුසැමි යුවළකගේ මළ සිරුරු

නාවින්නේ උඩුමහලක තිබී අඹුසැමි යුවළකගේ මළ සිරුරු සොයා ගැනේ

by Staff writer 30-01-2020 | 4:22 PM
COLOMBO (News 1st) : මහරගම, නාවින්න දේවානන්ද මාවතේ ව්‍යාපාරික ස්ථානයක උඩුමහලේ තිබී අඹුසැමි යුවළකගේ මළ සිරුරු සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, දින 5 කට පමණ පෙර ඔවුන් මිය යන්නට ඇති බවට සැක පළ කරන බවයි. මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ කොටසක ඔවුන් පදිංචිව සිට තිබුණේ ගොඩනැගිල්ගේ අනෙක් සියලු කොටස් ව්‍යාපාර සඳහා කුලී පදනම මත ලබා දෙමිනි.