කොළඹ විරෝධතාවක් හේතුවෙන් ගාලු පාරේ කොටසක් වැසේ

කොළඹ විරෝධතාවක් හේතුවෙන් ගාලු පාරේ කොටසක් තාවකාලිකව වසා දමයි

by Staff writer 30-01-2020 | 1:46 PM

COLOMBO (News 1st): ගාලු පාරේ එන්.එස්.ඒ. වටරවුමේ සිට ගෝල්ෆේස් වටරවුම දක්වා වූ කොටස තාවකාලිකව වසා දමා තිබේ.

ඒ, මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු රාජ්‍ය සේවකයින් පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙනි. ඔවුන් විරෝධතාවයේ නිරත වන්නේ සේවය ස්ථිර කරන්නැයි ඉල්ලමිනි. මේ අතර සරසවි සිසුන් පිරිසක් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. පොලීසිය රියැදුරන්ට දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ය.