කොරෝනා බවට සැක රෝගීන් 17ක් IDH රෝහලට

කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 17දෙනෙකු IDH රෝහලට

by Staff writer 30-01-2020 | 1:10 PM

COLOMBO (News 1st): කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන් 17 දෙනෙකු අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ සැක සහිත රෝගීන් 6 දෙනෙකු රෝහලට ඇතුළත් කර ඇති බව ය. ඊයේ දිනය තුළ රෝගීන් 5 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් තිබේ. ඒ, රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වීමෙනි. මේ අතර චීනයේ ෂැන්හයි සහ බීජිං සිටි තවත් ලාංකිකයින් 140 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේය. තවත් ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානා 4 ක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.