ඉමිටියාස් ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනකුට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ආරාධනා නැතැයි චෝදනා

by Staff writer 30-01-2020 | 2:19 PM

COLOMBO (News 1st): අද පස්වරුවේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට තමන්ට ඇරයුමක් ලැබී නැතැයි හිටපු අමාත්‍ය ඉමිටියාස් බාකීර් මාකාර් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, තමන්ට අමතරව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා යන මහත්වරුන් සහ රෝසි සේනානායක මහත්මියට ද ආරාධනා ලැබී නැති බව දැනගන්නට ඇති බව ය. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා තමන්ට ඇරයුමක් ලැබී නොමැති බව අප කළ විමසීමකදී තහවුරු කළේය. අද පස්වරු 3.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත ය.