දිමුත් සහ ඕෂධගෙන් සාර්ථක ආරම්භයක්

සිම්බාබ්වේ පළමු ඉනිම 406යි: දිමුත් සහ ඕෂධගෙන් සාර්ථක ආරම්භයක්

by Staff writer 29-01-2020 | 12:25 PM

COLOMBO (News 1st): තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය අදයි.

දෙවැනි දිනය සඳහා අහයපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 54 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 122කි. තරගය සිම්බාබ්වේ හරාරේහිදී පැවැත්වේ. ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට කාසියේ වාසිය හිමි කර ගනිමින් පළ‍මුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සත්කාරක සිම්බාබ්වේ ක්‍රීඩකයින් කඩුලූ 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 352කි. සිම්බාබ්වේ ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණූ 406 ක් රැස් කළේය. අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම අරඹමින් පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න හා ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 94කි. නායක දිමුත් කරුණාරත්න හා ඕෂධ ප්‍රනාන්දු ලකුණු 44 බැගින් රැස් කළේය. ඊයේ දිනය සදහා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 19 ක් රැස් කරගෙන සිටියේය. ඒ, අනුව ශ‍්‍රී ලංකාව මේ වනවිට සිය පළමු ඉනිමේ දී පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 284කි.