කොරෝනා වෛරසයෙන් චීනයේ 132ක් මරුට

වූහාන් නගරයෙන් ජපාන සහ අමෙරිකානු ජාතිකයින් ඉවත් කර ගනී

by Staff writer 29-01-2020 | 10:16 AM

COLOMBO (News 1st): මාරාන්තික කොරෝනා වෛරසයෙන් චීනයේ මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 132 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ චීනයේ වූහාන් නගරයේ විදේශිකයින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. වූහාන් නගරය සැළකෙන්නේ මෙම මාරාන්තික වෛරසයේ ව්‍යාප්තිය ඇරඹි ස්ථානය ලෙස ය . වූහාන් නගරයේ සිටි සිය පුරවැසියන් රැගත් ජපාන සහ අමෙරිකානු ගුවන්යානා මේ වනවිට යළි සියරටවල් බලා පිටත්ව ගොස් ඇති අතර යුරෝපා කොමිසම සඳහන් කළේ, ප්‍රංශයේ ඉල්ලීමක් මත චීනයේ සිටින යුරෝපීය ජාතිකයන් ඉවත් කිරීමට උපකාර කරන බව ය . මෙම වෛරසය යක්ෂයකු ලෙස හඳුන්වා දුන් චීන ජනාධිපතිවරයා එය පරාජය කරන බවට ප්‍රතිඥා දුන්නේය. මේ වනවිට වෛරසය ආසාදනය වූවන් 103 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව ද චීන බලධාරීන් සඳහන් කළේය.