මාතර කිරළ කැලේ රක්ෂිතයේ ගින්නක්

by Staff writer 29-01-2020 | 6:56 AM

COLOMBO (News 1st): මාතර, කිරළ කැලේ රක්ෂිතය ආශ්‍රිතව ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ සවස 6.00ට පමණ රක්ෂිතයේ හක්මණ සහ තුඩාව පාලම ආශ්‍රිතව මෙම ගින්න හටගෙන ඇති බව ය. මාතර ගිනි නිවීමේ එකකයේ මැදිහත්වීමෙන් ගින්න මැඩපවත්වා ඇති අතර ඒ සඳහා ගිනි නිවිම් රථ 2ක් යොදාගෙන තිබේ. කෙසේ වෙතත් රක්ෂිතය තුළ පවතින පටු මාර්ග හේතුවෙන් ගින්න නිවිමේ කටයුතු වලට බාධා මතු වූ බව පොලීසිය සඳහන් කළේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.