COLOMBO (News 1st): ප්‍රථම වරට රාත්‍රියේ රියැදුරු පුහුණු වැඩසටහනක් කුරුණෑගලින් ආරම්භ කර තිබේ.
දිවයිනේ සිදුවන රථවාහන අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් රාත්‍රී කාලයේදී සිදුව ඇති අතර එයට ප්‍රධාන හේතුවක් වන්නේ රාත්‍රී කාලයේ රථවාහන ධාවනයට සුදුසු රියැදුරන් බිහි නොවීමයි.
මේ සඳහා පිළියමක් ලෙස රියැදුරු පුහුණු ආයතන දිවා කාලයේ සිදු කරන රිය පුහුණුවට අමතරව රාත්‍රී කාලයේ රියැදුරන් පුහුණු කිරීමේ වැඩසටහන් ඊයේ කුරුණෑගල කොට්ඨාස රථ වාහන අංශය මගින් ආරම්භ කළේය.
ඒ, අනුව ඉදිරියේදී දිවා පුහුණුවට අතරව රාත්‍රී පුහුණුව ද කුරුණෑගලදී ලබා දීම සිදු වේ.
මෙම වැඩසටහන ඉදිරියේදී දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ද ආරම්භ කිරීමට නියමිත ය.
අනතුරු නැති ආදර්ශමත් කිලෝමීටරය නමින් මෙම වැඩසටහන නම් කර තිබේ.
කුරුණෑගල පොලිස් වසමේ පසුගිය වසරේ රිය අනතුරු බහුලම කිලෝමීටරය මෙම වැඩසටහන සඳහා යොදාගෙන ඇති අතර මෙම වසර තුළ එම කිලෝමීටරයේ කිසිඳු රිය අනතුරක් නොවන ලෙස කටයුතු කිරිම මෙහි ප්‍රමුඛ අරමුණ වේ.
කුරුණෑගල කොට්ඨාශ රථ වාහන අංශයේ ස්ථානාධිපති G.N.S. කිරින්දේ මහතා
ගිය වසරේ වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙන්නෙ මේ සාරගම ප්‍රදේශයේ කිලෝමිටරයක් තුළ කිසිඳු අනතුරක් නොවන ආකාරයෙන් රථවාහන නිලධාරීන් යොදවලා දැනුවත් කිරිමේ වැඩසටහන්, රථ වාහන නඩු ලබා ගැනිම් සහ අවවාද කිරිම් සිදු කරලා මේ වසර තුළ කිසි අනතුරක් මේ ස්ථානයේ නොවන ආකරෙයෙන් ඉෂ්ඨ කිරිම තමයි බලාපොරොත්තුව