තවත් ලාංකික සිසුන් 176ක් චීනයෙන් පිටත් වෙයි

තවත් ලාංකික සිසුන් 176ක් චීනයෙන් මෙරටට පිටත් වෙයි

by Staff writer 29-01-2020 | 7:55 AM

COLOMBO (News 1st): චීනයේ උසස් අධ්‍යාපනය ලබන තව ත් ලාංකික සිසුන් 176 දෙනෙකු ඊයේ රාත්‍රී දිවයිනට පිටත් කර එවූ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ. යෝගනාදන් මහතා සඳහන් කළේ, තවත් සිසුන් 484 දෙනෙකු දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව ය. මේ අතර, වසා දැමුණු වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉන් පිටතට ගැනීම සඳහා චීන රජය සමග සාකච්ඡා කරන බව ද වැඩබලන තානාපතිවරයා ප්‍රකාශ කළේය. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග චිනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙස උපදෙස් දී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.