by Staff writer 29-01-2020 | 2:38 PM
COLOMBO (News 1st): චීනයේ උසස් අධ්‍යාපනය ලබන සිසුන් 25 දෙනෙකු පමණ අද පෙරවරුවේ ගුවන් මගින් මෙරට පැමිණියේය.
මෙම පිරිස පැමිණියේ චීනයේ ග්වන්ෂු ගුවන් තොටුපොළේ සිටයි.
කටුනායක ගුවන් තොටුපොළේදී පිරිස විශේෂ පරික්ෂාවකට ලක්කෙරුණු අතර වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් ඒ, සඳහා අනියුක්ත කර තිබේ.
චීනයේ උසස් අධ්‍යාපනය ලබන සිසුන් 176 දෙනෙකු ඊයේ රාත්‍රී දිවයිනට පිටත් කර එවූ බව එරට ශ්‍රීක ලංකා තානාපති කාර්යාලය පවසයි.
චිනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ. යෝගනාදන් මහතා සඳහන් කළේ, තවත් සිසුන් 484 දෙනෙකු දිවයිනට පැමිණිමට අපෙක්ෂාවෙන් සිටින බව ය.