මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

කර්තෘ Staff writer

29 Jan, 2020 | 7:06 pm

COLOMBO (News 1st) – මුහුණු ආවරණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අද උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව ඉවත දැමිය හැකි මුහුණු ආවරණයක මිල රුපියල් 15 යි.

ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණයක මිල ද රුපියල් 15 ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

N95 වර්ගයේ මුඛ ආවරණයක් රුපියල් 150 මිලකට නියම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මෙම මිල ගණන් අභිබවා මුහුණ ආවරණ අලෙවි කරනු ලබන වෙළෙඳුන්ට සහ තොග සඟවා තබා ගන්නා වූ වෙළෙඳුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]