අමුත්තන්ට ගුවන්තොටුපළ වෙත ඇතුළු වීම අත්හිටුවයි

ගුවන් මගීන් හැර සෙසු අයට ගුවන් තොටුපළ පර්යන්ත වෙත ඇතුළුවීම අත්හිටුවයි

by Staff writer 28-01-2020 | 6:36 AM
COLOMBO (News 1st) : ගුවන් මගීන්ට හැර සෙසු පුද්ගලයින්ට ගුවන් තොටුපළ පර්යන්ත වෙත ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, විදෙස්ගත වන හෝ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන මගීන්ට හැර ඔවුන්ගේ සමීපතමයින්ට එලෙස පර්යන්ත වෙත ඇතුළුවීම අද පෙරවරු 6 සිට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වී සඳහා මෙම පියවර ගත් බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය. මේ අතර චීනයේ සිට මෙරටට පැමිණීමට පෙර ඔන්ලයින් ඔස්සේ වීසා අයදුම් කළ යුතු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පැවසුවේ, එලෙස වීසා ලබාගැනීම හමුවේ චීනයේ සිට පැමිණෙන අදාළ මගීන් පරීක්ෂාවට ලක්කිරීම පහසුවී ඇති බවයි.