සැක සහිත රෝගීන් ඇතුළත් කිරීමට තවත් රෝහල් 11ක්

කොරෝනා බවට සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් 11ක්

by Staff writer 28-01-2020 | 12:31 PM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය ආසාදනයවී අති බවට සැක කෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට IDH උණ රෝහලට අමතරව දිවයිනේ තවත් රෝහල් 11 ක් ප්‍රකාශයට පත්කර තිබේ. එලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ, උතුරු කොළඹ ශික්ෂණ රෝහල,ගම්පහ, මීගමුව, මහනුවර, කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව හා බදුල්ල යන රෝහල් ය. සැක සහිත රෝගීන් එම රෝහල් වෙත යොමුකර අවශ්‍ය ප්‍රතිකාර කිරීමට සැලසුම් කර තිබේ. මේ අතර චීනයේ වුහාන් පළාතේ සිට මෙරටට පැමිණෙන පිරිස් දියතලාව ප්‍රදේශයේ සති දෙකක කාලයක් රඳවා තබාගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම අදහස් පළ වූයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීයි.