කාරක සභා සඳහා සාමාජිකයින් නම් කිරීම අඟහරුවාදා

අහෝසි වූ කාරක සභා සඳහා සාමාජිකයින් නම් කිරීම අඟහරුවාදා

by Staff writer 28-01-2020 | 10:47 AM
COLOMBO (News 1st) : අහෝසි වූ කාරක සඳභා සභා සමාජිකයින් නම් කිරීම ලබන අඟහරුවාදා සිදු කිරීමට නියමිතව තිබේ. පාර්ලිමෙන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ, වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ දේශපාලන පක්ෂ වෙත ඒ සඳහා සමාජික මන්ත්‍රීවරුන් යොජනා කරන ලෙස දැනුම් දී ඇති බවයි. අදාළ මන්ත්‍රවරුන්ගේ නම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව එම කාරක සභා රැස්විමට නියමිතව තිබේ. කාරක සභාවල පළමු රැස්විමේදී එ සඳහා සභාපතිවරුන් පත් කිරීම සිදු කෙරෙනු ඇති. පසුගිය දෙසැම්බර් 3 වනදා පාර්ලිමෙන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ,රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 10ක් අහෝසි විය.