'අනිසි බියක් ඇති කර ගත යුතු නැහැ' සෞඛ්‍ය අංශ

''අනිසි බියක් ඇති කර ගත යුතු නැහැ..'' සෞඛ්‍ය අංශ කියයි

by Staff writer 28-01-2020 | 6:48 AM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාවක් මෙරටින් හමුවීම හමුවේ, ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි. සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය තුළින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කරගත හැකි බවයි. එම වෛරසය රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇතැයි ද, ඔහු පැවසී ය. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ සංචාරය පිළිබඳ විදේශිකයන්ට මේ වන තෙක් කිසිදු බියක් හෝ බාධාවක් ඇති කර ගත යුතු නැතැයි, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. එහි නිලධාරියෙකු සඳහන් කළේ, මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් චීන ජාතිකයින්ගේ පැමිණීම අඩු වී ඇති බවයි.