කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 27-01-2020 | 9:20 AM
COLOMBO (News 1st) : කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද උදෑසන කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී පාදුක්කේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම ප්‍රමාදය හටගෙන ඇති බවයි. මේ හේතුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන්හි ප්‍රමාදයක් හටගෙන ඇති බවත් කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බවත් දුම්රිය පාලක මැදිරිය පැවසී ය.