චීනයේ වෙසෙන ලාංකික සිසුන් 21 ක් දිවයිනට

චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට පැමිණීම ඇරඹෙයි

by Staff writer 27-01-2020 | 5:50 PM

COLOMBO (News 1st) - චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් මෙරටට පැමිණීම ආරම්භ වී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, චීනයේ ටියැන්ජිං සිට අද දහවල් ලාංකික සිසුන් 21 දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව මෙරට චීන තනාපති කාර්යාලය දැනුම් දුන් බව යි. සිසුන් ගෙන්වා ගැනීමේ කටයුතු ජනාධිපති කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, චිනයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය හා ශ්‍රීලංකන් ගුවන් සේවය එක් ව කරන බව එම නිවේදනයේ සඳහන් වේ. සිචුවාන් ඇතුළු විවිධ ප්‍රදේශවල සිට ගුවන්තොටුපොළ දක්වා බස් රථ මගින් සිසුන් රැගෙන ඒමට කටයුතු යොදා ඇත. එම නිවේදනයේ දැක්වෙන්නේ වසා දමා ඇති වූහාන්හි සිටින සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා චීන රජය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.