ගීතා කුමාරසිංහ දේශපාලනය සම්බන්ධයෙන් කලකිරීමෙන් ද?

by Staff writer 27-01-2020 | 9:13 PM

COLOMBO (News 1st) - ගීතා කුමාරසිංහ හිටපු මන්ත්‍රීවරිය දේශපාලනය සම්බන්ධයෙන් කලකිරීමෙන් ද?

අක්මීමන පැවති කාන්තා හමුවක් අතරවාරයේ ඇය අදහස් පළ කළා ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ,
සමහර වෙලාවට අපිව තල්ලු කරල එනවා. ඒක අදහගන්න බෑ. නිකන් මේ කොහේ ඉඳල ආපු කෙනෙක්ද බලපුවම මේ කරපිංච කොළේටමවලද වලද හිටපු ඇමතිවරයෙක්නේ බලනකොට අපිව තල්ලු කරගෙන ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ. ඒවා අනන්තයි අප්‍රමාණයි. ඉතින් ඒ අතර කලාකාරයෝ කියල කට්ටියකුත් ලෑස්ති වෙලා ඉන්නවා. ආයේ ක්‍රීඩා කරන අයත් ලෑස්ති වෙලා ඉන්නවා. මෙහෙම ගියාම ගාල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් දර දිය ඇදපු මෙතෙක් මේ පක්ෂය වෙනුවෙන් මහත් කැපවීමෙන් වැඩ කරපු අයට මොකද වෙන්නේ? මම 2010 ආවා. පැරදුණා. ඊට පස්සේ 15 දක්වා මම මහන්සි වෙලා වැඩ කරා. මගේ විශ්වාසය මම දිනා ගත්තා. ඊට පස්සේ මම පළාත් සභාවට තරග කරා. ඒ පළාත් සභාවට ගිහිල්ල අවුරුද්දකට විතර පස්සේ තමයි පාර්ලිමේන්තුවට තරග කරේ. ඒකෙදිත් හරියට අර ස්නේක් ලැඩර් වගේ මගේ මන්ත්‍රී ධූරය උදුර ගත්තා. කමක් නෑ. මම ජීවිතේ ගන්න පුළුවන් අමාරුම තීරණය ගත්තා. පවුල් කඩාගෙන ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය අයින් කරගෙන මට ඡන්දය දීපු ජනතාව වෙනුවෙන් යමක් කරන්න ඇත්තටම පාර්ලිමේන්තුවට එන අයගෙන් බලාපොරොත්තු වෙන්න ඕන ඕගොල්ලන්ට එනකොට දැන් හුඟක් අයට අතේ සතේ නෑ ඔහොම එන්න හැදුවට. සමහරුන්ට ඕකේ අනිත් පැත්ත්‍ට තියෙනවා. සමහරුන්ට නෑ.