එජාපය නව ලකුණකින් ඉදිරි මහ මැතිවරණයට

එජාපය නව ලකුණකින් ඉදිරි මහ මැතිවරණයට

by Staff writer 27-01-2020 | 7:08 AM
COLOMBO (News 1st) : ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නව ළකුණක් සහතිව,, සන්ධානගත වී තරග වදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි. විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් ඊයේ කොළඹට කැඳවා පැවති හමුවෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේ ය. එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිත හා අපේක්ෂක හමුව ඊයේ පස්වරුවේ කොළඹ දී පැවැත්වුණේ, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනෙි. "අලුතින් හිතමු.. නැඟිටිමු" යන්න තේමා කරගනිමින් පැවති මෙම හමුවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයෝ ද එක්ව සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/595626411226385/