ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇමති චමල් යටතට 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතට 

by Staff writer 27-01-2020 | 8:49 AM
COLOMBO (News 1st) : ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර තිබේ.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පැවරීම සිදු කර ඇත. මීට පෙර එම දෙපාර්තමේන්තුව පැවැතුණේ ආරක්ෂක අමාත්‍යංශය යටතේයි.