චීන ජාතික කාන්තාවකට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වෙයි

අංගොඩ IDH රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාවකට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වෙයි

by Staff writer 27-01-2020 | 9:09 PM

COLOMBO (News 1st) - අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ පිළිබඳව අප කළ විමසිමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරියෙකු ඒ බව තහවුරු කළේ ය. 43 හැවිරිදි එම කාන්තාව අද දිනයේදි රෝහල්ගත කළ බව ඔහු පැවසුවේ ය.