හෙරොයින් ජාවාරම් කළ අයෙක් බොරැල්ලේදී අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයක් බොරැල්ලේදී අත්අඩංගුවට

by Staff writer 26-01-2020 | 2:50 PM
COLOMBO (News 1st) : බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේදී හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 ක් සොයාගත් බවයි. සැකකරු 50 හැවිරිදි බොරැල්ල පදිංචිකරුවෙකි. ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.