වී මිලදී ගැනීම හෙට සිට

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට සිට

by Staff writer 26-01-2020 | 7:33 AM

COLOMBO (News 1st) - මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ, දැනට වී අස්වනු නෙළන මඩලකපුව, අම්පාර හා උතුරු පළාතේ දිස්ත්‍රික්කවල මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ආරම්භ කරන බවයි. වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහ භාණ්ඩාගරයෙන් මුදා හැරෙන බව ද ඔහු පැවසුවේ ය.