අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

නිදහස් දින පෙරහුරු හේතුවෙන් අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

by Staff writer 26-01-2020 | 7:24 AM

COLOMBO (News 1st) - 72 වන ජාතික නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු හේතුවෙන් අද සිට කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

එම පෙරහුරු අද, ලබන 31 සහ පෙබරවාරි 02 සහ 03 දිනවලදී සිදු කිරීමට නියමිතයි. ඒ අනුව එම දිනයන්හි උදෑසන 6.00 සිට පස්වරු 1.00 දක්වා එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය. මෙම රථ වාහන සැලැස්මට අනුව ග්ලාස් හවුස් හන්දියෙන් නන්දා මෝටර් දෙසට ඇතුළුවීම පුස්තකාල හන්දියෙන් ග්ලාස් හවුස් දෙසට හා ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළුවීම අත්හිටවනු ඇති. ඊට අමතරව ධර්මපාල මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම, සොයිසා වටරවුමෙන් කන්නන්ගර මාවතට ඇතුළුවීම, විජේරාම මාවතින් රොස්මිඩ් පෙදෙස ඔස්සේ කන්නන්ගර මාවතට ඇතුළුවීම ද මෙම කාලය තුළ අත්හිටුවන බව පොලීසිය පැවසීය. බෞද්ධාලෝක මාවතේ සිට මෙට්ලන්ට් පෙදෙසට හා ප්‍රේමකීර්ති අල්විස් මාවතට ඇතුළුවීම පෙරහුරු පවතින කාල සීමාවේදී අත්හිටුවන අතර ස්ටැන්ලි විජේසුන්දර මාවතින් පදනම් මාවතට ඇතුළුවීම ද අත්හිටුවා තිබේ.