හෙරොයින් සමග සැකකරුවන් 2ක් දුටුවැවදී අත්අඩංගුවට

හෙරොයින් සමග සැකකරුවන් 2ක් දුටුවැවදී අත්අඩංගුවට

by Staff writer 25-01-2020 | 3:02 PM
COLOMBO (News 1st) : හෙරොයින් ග්‍රෑම් 35 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුර, දුටුවැවදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ලද තොරතුරක් මත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 සොයා ගැනුණු අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක් සොයා ගත් බව පොලීසිය පැවසී ය. සැකකරුවන් අවුරුදු 36 හා 41 වයස්වල පසුවන දුටුවැව හා මාවතගම ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔවුන් ගලෙන්බිඳුණුවැව පොලීසියට භාරදී තිබේ.