පූජිත් ජයසුන්දර ජනපති කොමිසම හමුවට

පූජිත් ජයසුන්දර 21 ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවට

by Staff writer 25-01-2020 | 10:20 AM

COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අප්‍රේල් 21 ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවට අද පෙරවරුවේ රැගෙන එනු ලැබුවේ ය.

ඒ, කොමිසම කළ කැඳවීමකට අනුවයි. ඒ අනුව මේ වනවිට පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටි. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය ලබන මාර්තු 22 වැනි දායින් අවසන් වේ.