by Staff writer 25-01-2020 | 7:51 AM
COLOMBO (News 1st) - දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එහි සභාපති ලෙස විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී.දිවාරත්න මහතා කටයුතු කරන බවයි.
මෙම කාර්ය සාධක බලකාය, විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන දැනුම සහ අත්දැකීම් බහුල සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත වේ.
සාමාජිකයින්ගේ විචක්ෂණභාවය, සාමාර්ථය සහ විශ්වාසවන්තභාවය කෙරෙහි භක්තියෙන් යුතුව කාර්ය සාධක බලකාය පත් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.