තරුණයින් බල ගැන්වීමට ජ'පුර සරසවියෙන් සමුළුවක්

තරුණයින් බල ගැන්වීමට ජ'පුර සරසවියෙන් සමුළුවක්

by Staff writer 25-01-2020 | 10:32 PM
COLOMBO (News 1st) : ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, අයිසැක් තරුණ සංවිධානයේ මෙහෙයවීමෙන් අද පස්වරුවේ සමුළුවක් පැවැත්විණ. ඒ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි. ශක්තිමත් මානසිකත්වයකින් යුතුව තරුණයින් අනාගත නායකත්වය සඳහා ප්‍රගුණ කිරීමේ අරමුණින් පැවැති මෙම සමුළුවේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දේශන පැවැත්විණ. ඊට සහභාගී වූයේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, පාසල් සිසු සිසුවියන්, සහ කාර්යාල සේවක සේවිකාවන් ඇතුළු පිරිසකි. ලෝක ප්‍රකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය මධුෂානි ඩයස්, කොකාකෝලා සමාගමේ සැපයුම් දාම අධ්‍යක්ෂ මනෝහරන් නඩරාජා සහ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් යන මහත්ම මහත්මීන් මෙහිදී දේශන පැවැත්වූහ. https://www.facebook.com/NewsfirstSL/videos/224668958531770/