කොරෝනා වැළඳුණු බවට සැක කෙරෙන දෙදෙනෙක් IDH රෝහලට

කොරෝනා වැළඳුණු බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට

by Staff writer 25-01-2020 | 6:50 PM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවක් අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ. එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කළේ, ඔවුන් මේ වනවිට රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. ඊයේ සහ අද දිනයේ ඔවුන් රෝහලට ඇතුළත් කළ බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ අදාළ කාන්තාවන්ට වැළදී ඇත්තේ කොරෝනා වෛසරය ද යන්න, සනාථ කර ගැනීම සඳහා රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනන වෙත යොමු කළ බවයි.