කැස්බෑවන් 24 ක් මස් කළ තිදෙනෙකු අත්අඩංගුවට

කැස්බෑවන් 24 ක් මස් කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 25-01-2020 | 1:40 PM

COLOMBO (News 1st) - කැස්බෑවන් 24 දෙනෙකු මරා මස් කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වෙන්නප්පුව පොලිස් විශේෂ කාර්යාංශ එම ප්‍රදේශයේ කළ වැටලීමකදීයි. සැකකරුවන් සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 75 යි ග්‍රෑම් 500 ක් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් උල්හිටියාව සහ කටුනේරිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් අද මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.