කැලණිමුල්ලේ කසළ බැහැර කිරීමේ ස්ථානයක ගින්නක්

කැලණිමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ ස්ථානයක ගින්නක්

by Staff writer 25-01-2020 | 7:57 AM

COLOMBO (News 1st) - කැලණිමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ ස්ථානයක ගින්නක් හට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ප්‍රදේශයේ වගුරු බිමක පිහිටි කසළ බැහැර කිරීමේ ස්ථානයක ඊයේ රාත්‍රී ගින්න හටගත් බවයි. වගුරු බීමක්වීම හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට ළඟාවීමේ බාධා මතුව ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය. කැලණි ගගේ ඉවුරේ සිට මීටර් 200 ක පමණ දුරින්, කැලණිමුල්ල ප්‍රදේශයේ විශාල වගුරු බිමක පිහිටි කසළ බැහැර කිරීමේ මෙම ස්ථානය පිළිබඳව පසුගිය දා නිව්ස්ෆස්ට් අනාවරණ කළේ ය. එහිදී හෙළිවූයේ වසරක පමණ කාලයක සිට ගොඩනැගිලි අබලි ද්‍රව්‍ය, ජංගම වැසිකිලි කොටස්, ප්ලාස්ටික් ආදිය කසළ බැහැර කරමින් එම වගුරු බිම ගොඩකිරීමේ ක්‍රියාවලියක් පවතින බවයි.