එම්.ඒ.සුමන්තිරන්ට සභාපති ධුරයක්

එම්.ඒ.සුමන්තිරන් මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට

by Staff writer 25-01-2020 | 9:07 AM

COLOMBO (News 1st) - මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තීරණය කර තිබේ.

ඒ, තේරීම් කමිටු සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදීය. ඒ අනුව රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කමිටුව සහ රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ සාමාජිකයින් මේ වනවිට නම් කර තිබේ.