ඉහළ පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරු

ඉහළ පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරු

by Staff writer 25-01-2020 | 12:08 PM

COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ස්ථාන මාරු කර තිබේ.

ඒ, සේවා අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. ඒ අනුව යාපනය කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ජී.එන්.ඩබ්ලිව්.ඩී.තල්දූව මහතා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ස්ථාන මාරු කර ඇත. ස්ථාන මාරු කළ අය අතර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකු ද වන බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය.