වූහාන් ප්‍රාන්තයේ ලාංකික සිසුන් වහාම ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

වූහාන් ප්‍රාන්තයේ ලාංකික සිසුන් වහාම ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

වූහාන් ප්‍රාන්තයේ ලාංකික සිසුන් වහාම ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

කර්තෘ Staff writer

25 Jan, 2020 | 10:07 pm

COLOMBO (News 1st) : කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති චීනයේ වූහාන් ප්‍රන්තයේ සිටින සියලු ශ්‍රී ලංකික සිසුන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධි විධාන සලස්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සබඳතා අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය, බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා උබේ ප්‍රාන්තයේ ශ්‍රී ලංකා ධූත මණ්ඩලයේ සහය ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.

ඒ අතර කොරොනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]