කොරෝනා වෛරසයට මුහුණදීමට IDH ඇතුළු රෝහල් සූදානම්

කොරෝනා වෛරසයට මුහුණදීමට IDH ඇතුළු රෝහල් සූදානම්

කොරෝනා වෛරසයට මුහුණදීමට IDH ඇතුළු රෝහල් සූදානම්

කර්තෘ Staff writer

25 Jan, 2020 | 7:18 am

COLOMBO (News 1st) – කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා අයි.ඩී.එච්. රෝහල ඇතුළු රෝහල් කිහිපයක පහසුකම් සලසා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කොරෝනා වෛරසය අසාධිත වූ පුද්ගලයෙකු වාර්තාවී නොමැති බවයි.

කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ස්වසන පද්ධතියට බලපෑම් එල්ල විය හැකි බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

සතුන් ස්පර්ශ කිරීමෙන් සහ මස් ආහාරයට ගැනීමෙන් මෙම වෛරසය ආසාධිත විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ය.

මේ අතර චීනයේ සංචාරය කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයයින්ට උපදෙස් දෙයි.

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන චීනයේ වූහන් නගරයේ උසස් අධ්‍යාපනය ලබන සහ රැකියා කරන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළේ ය.

චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ. යෝගනාදන් මහතා සඳහන් කළේ, චීනයේ දිවි ගෙවන ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිත බව දැනට වාර්තාවන තොරතුරුවලින් අනාවරණවී ඇති බවයි.

කොරෝනා වෛසරයෙන් ගුවන් මගීන්ට සහ කාර්යය මණ්ඩලයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා පුර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් ශ්‍රීලංකන් ගුවන් සේවය ක්‍රියාවට නංවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේ, ආසියානු පැසිෆික් කලාපයේ ගුවන් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් කාර්ය මණ්ඩල ද ගුවන් යානා තුළ සහ ගුවන්තොටුපොළවල් තුළදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට දැනුවත් කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]