ශීත ඍතු යොවුන් ඔලිම්පික් උළෙල සාර්ථකව අවසන්

ශීත ඍතු යොවුන් ඔලිම්පික් උළෙල සාර්ථකව අවසන්

by Staff writer 24-01-2020 | 11:31 AM
COLOMBO (News 1st) : රුසියාවට වැඩි ගෞරව දිනා දෙමින් 2020 ශීත ඍතු යොවුන් ඔලිම්පික් උළෙල සාර්ථකව අවසන් විය. 2020 ශීත ඍතු යොවුන් ඔලිම්පික් උළෙල ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවරදී පැවැත්විණ. මෙවර තුන්වැනි වරට ක්‍රියාත්මක වූ මෙම ක්‍රීඩා උළෙලට රටවල් 79කින් එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 1800කට ආසන්නනයි. දින 13ක් පැවති ක්‍රීඩා උළෙලේදී රුසියාව වැඩි දක්ෂතා දැක්වීය. ඒ රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 8ක් ද සමගින් මුළු පදක්කම් 29ක් දිනා ගනිමිනි. සත්කාරක ස්විට්සර්නලන්තය රන් පදක්කම් 10ක් ද ඇතුළුව මුළු පදක්කම් 24ක් දිනූ අතර ඔවුන්ට දෙවැනි ස්ථානය හිමි විය. තුන්වැනි ස්ථානයට පත් වූයේ ජපානයයි. ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය අන්තර් ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බාක් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ අතර මීළඟ ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන දකුණු කොරියාවේ ගන්ග්වොන් නගරයේ නියෝජිතයින්ට නිල ධජය ප්‍රධානය කිරීම සිදුවූයේද එම සමාප්ත උත්සවයේදීයි.