පොලීසියේ ඉහළ නිලධාරීන් 19කට වහාම ස්ථාන මාරුවීම්

පොලීසියේ ඉහළ නිලධාරීන් 19ක් වහාම ස්ථාන මාරු කෙරෙති

by Staff writer 24-01-2020 | 11:08 AM
COLOMBO (News 1st) : නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් 19 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ. ඒ , සේවා අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි. ස්ථාන මාරුවීම් ලබා දුන් අය අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 09 දෙනෙකු සහ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු ද වේ. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, බස්නාහිර පළාත දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව් සේනාරත්න මහතා යාපනය දිසාවට ස්ථාන මාරු කළ බවයි. යාපනය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ. කඩුපිටිය මහතා බස්නාහිර පළාත දකුණු දිසාවට ස්ථාන මාරු කර තිබේ.