by Staff writer 24-01-2020 | 8:09 AM
COLOMBO (News 1st) : මාතර, පිටබැද්දර පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ 1999 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ නඩුවකට අදාළවයි.
නීතිපති උපදෙස් මත ඊයේ අදාළ පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
සැකකරු අද මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.