පළාත් කිහිපයකට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි

by Staff writer 24-01-2020 | 6:50 AM
COLOMBO (News 1st) : සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නුවරඑළිය, මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , නුවරඑළිය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ,මාතලේ විල්ගමුව සහ ලග්ගල පලේලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවයි.