කිතුල්ගලදී බස් රථයකට යට වී මවක සහ දියණියක මරුට

කිතුල්ගල බස් අනතුරකින් මවක සහ දියණියක මරුට

by Staff writer 24-01-2020 | 9:16 AM
COLOMBO (News 1st) : කිතුල්ගල, ගෝනගමුව ප්‍රදේශයේ බස් රථයකට යට වීමෙන් මවක සහ දියණියක මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අනුරාධපුර වන්දනාවේ යෑම සඳහා ඔවුන් දෙදෙනා අද උදෑසන බස් රථයකින් පැමිණ මාර්ගය මාරු වීමට යෑමේදී එම බස් රථයකටම යටවී මිය ගොස් ඇති බවයි. 80 හැවිරිදි මිය ගිය මව සහ 47 හැවිරිදි දියණිය පොල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියන් ය. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසී ය.