කරදියාන කුණු කන්දේ යළිත් ගින්නක්

කරදියාන කුණු කන්දේ යළිත් ගින්නක්

by Staff writer 24-01-2020 | 7:02 AM
COLOMBO (News 1st) : කරදියාන කසළ කන්දේ අද අලුයම යළිත් ගින්නක් හට ගෙන තිබේ. මොරටුව ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 3 ක් යොමු කළ බවයි. ඊට අමතරව ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලීසියේ ද සහය ලබා ගෙන තිබේ. පැය 05 කට අධික කාලයක් පැවති ගින්න දැඩි පරිශ්‍රමයක් යොදා මේ වන විට සම්පුර්ණයෙන්ම මැඩ පැවැත්වූ බව මොරටුව ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ය.