හෙරොයින් ජාවාරම් කළ  පුද්ගලයින් 4ක් අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයින් 4ක් අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයින් 4ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

24 Jan, 2020 | 9:57 am

COLOMBO (News 1st) : හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, කැකිරිව ඇඹුල්ගස්වැව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 480 ක් සමග 21 සහ 24 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර හෙරොයින් ග්‍රැම් 2 යි මිලිග්‍රෑම් 400 ක් සමග රත්මලාන බෙලෙක්කඩේ හංදියේදී 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිට්ටඹුව කන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරුවෙකු සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 260කි.

ඔවුන් අද අදාළ අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]