CID හිටපු අධ්‍යක්ෂවරයාගෙන් CIDයට පැය 5ක ප්‍රකාශක්

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් CIDයට පැය 5ක ප්‍රකාශක්

by Staff writer 23-01-2020 | 5:50 PM
COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 5 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නේ ය. ඒ, ස්විට්ස්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය පැහැරගත් බව කියන නඩුවට අදාළවයි. අද පෙරවරු 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ශානි අබේසේකර මහතා ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පස්වරු 3 ට පමණ පිටව ගොස් තිබේ.