ශානි අබේසේකර CIDය හමුවට

by Staff writer 23-01-2020 | 12:59 PM

COLOMBO (News 1st): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

ඒ, ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට එරෙහි නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. එහිදී අදාළ සිද්ධියට සම්බන්ධ දුරකතන සංවාද පිළිබඳ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත ය.