විනිසුරු පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි, CCD යට නියෝග

විනිසුරු පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි, CCD යට නියෝගයක්

by Staff writer 23-01-2020 | 6:27 PM
COLOMBO (News 1st) : අධිකරණයෙන් වරෙන්තු නියෝගයක් ලබාගෙන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නැයි, නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අද පස්වරුවේ නියෝග කළේ ය. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ සමයේ එම අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් එවකට රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකතනයෙන් සාකච්ඡා කිරීමේ චෝදනාව යටතේයි. ගිහාන් පිලපිටිය සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක යන මහත්වරුන්ට එරෙහිව අසත්‍ය සාක්ෂි සැකසීම ඇතුළු චෝදනා යටතේ අධිකරණය හමුවේ වෙන ම නඩුකරයක් ගොනු කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ද නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට වැඩිදුරටත් නියෝග කළේ ය.