රුපියල් කෝටි 05ක රත්‍රං සමග තිදෙනෙකු කටුනායකදී දැලේ

by Staff writer 23-01-2020 | 10:39 AM

COLOMBO (News 1st): කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රුපියල් කෝටි 5කට අධික වටිනාකමින් යුත් රත්‍රං සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ පිටවීමේ පර්යන්තයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය. සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇති රත්‍රං ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5කි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේය. සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.