බ්‍රෙක්සිට් යෝජනාව සම්මත වෙයි

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් අවසර

by Staff writer 23-01-2020 | 8:04 AM
COLOMBO (News 1st): බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ පනත් කෙටුම්පත එරට පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. ඒ, අනුව බ්‍රිතාන්‍ය ලබන 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත්වනු ඇති. බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් එම පනතට අනුමැතිය පළ කරමින් ජන්දය ප්‍රකාශ කළේ, වසර ගණනාවක් පැවති උණුසුම් වාද විවාදයන්ගෙන් පසුවයි. එම පනත නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට, දෙවන එළිසබෙත් රැජින ඊට අත්සන් කළ යුතු වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය අද ඊට අනුමැතිය ලබා දෙනු ඇති බව ය. එසේ වුවහොත් සාමාජික රටවල් 28 කගෙන් සමන්විත යුරෝපා සංගමයෙන් පළමු වරට ඉවත්වන රට ලෙස බ්‍රිතාන්‍යය ඉතිහාසගත වනු ඇති. එය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් ලද සුවිශාල ජයග්‍රහණයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.